• සද්ධර්මය ලොව කවදටත් දුර්ලභ වූවකි. ඊට හේතුව ධර්මය නැතිකම නිසාම නොව, ශ්‍රවණලාභී ඥාණවන්ත ශ්‍රාවක පිරිසගේද අඩුකම නිසාය. බුද්ධ දේශනා නමින් ස්වකීය අත්තනෝමතවල පිහිටා ධර්ම දේශනා කරන ගිහි පැවිදි පිරිස අද බොහෝය. ඒ නිසාම අද විචාරශීලී බුද්ධිමත් ශ්‍රාවකත්වයේ වටිනාකම වඩාත් දැනෙන යුගයකි.


    බුදුරජාණන් වහන්සේ ලොවට ධර්ම දේශනා කලේ ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවකිනි. එහි ආමිස අපේක්ෂාවක් නැත. සැබෑ බුද්ධ පුත්‍රයාද එසේය. ස්වකීය ජීවිතයේ පවතින රාග, ද්වේශ, මෝහ දුරුකොට චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට උපකාරී වන ඉගැන්වීමක් නම් එය පිළිගෙන කටයුතු කිරීම අපගේ වගකීමය.


    අප විසින් කරනු ලබන ධර්ම දේශනා දැනටද අන්තර්ජාල වෙබ් අඩවි මගින් ප්‍රකාශ වී ඇති අතර, එනමුත් වඩාත් සංවිධිත ආකාරයට එය ලෝකයා හට ලබාදීමට අප ආනන්ද බෝධි ධර්මායතනයේ තරුණ සංසදය මගින් අන්තර්ජාල වෙබ් අඩවියක් ආරම්භ කිරීම වඩාත් කාලෝචිතය. ඒ සදහා අපගේ ආශිර්වාදය මෙයින් ප්‍රකාශ කොට සිටිමි.

    පුජ්‍ය පාතේගම සුමනරතන හිමි

වැඩසටහන්

08
August
2020
09:00 AM
ධර්ම දේශනා

නිවන්මග විවරකෙරෙන සද්ධර්ම දේශනා

ස්ථානය: සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය - කොළඹ 07
22
August
2020
09:00 AM
ධර්ම දේශනා

විශේෂ ධර්මදේශනාව

ස්ථානය: ආනන්දබෝධි ධර්මායතනය - ගනේමුල්ල
ඉදිරි වැඩසටහන් කිසිවක් නැත

දැනුම් දීම්